චන්ද්‍ර ග්‍රහණ,වයිකින් වරු සහ මිනසෝටා සිසුන්

December 23, 2010 § Leave a comment

චන්ද්‍ර ග්‍රහණය

 

අද දින පුර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවන බව dailynews (21-12-2010) පුවත් පතේ සදහන් වනවා. ස්ටීවන් හොව්කින් නම් බ්‍රිතාන්‍ය විද්වතා the grand design නම් ඔහුගේ පොතේ විකින්ග් වරුන්ගේ චන්ද්‍රග්‍රහණ පිලිබදව තිබු කතාවක් පළකර තියනවා. එය මෙසේය,

Skoll the wolf who shall scare the Moon
Till he flies to the Wood-of-Woe:
Hati the wolf, Hridvitnir’s kin,
Who shall pursue the sun.
—“GRIMNISMAL,” The Elder Edda
වයිකින් වරුන්

වයිකින් වරුන්ට  අනුව, ස්කොල් සහ හැටි නමැති වුර්කයන් දෙදෙනා හිරු සහ සදු පසු පස හඹා යනවා, ඔවුන් ඒ දෙකෙන් එකක් අල්ලාගත් විට සුර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදුවනවා,  මිනිසුන් කෑ ගසා වුර්කයන්ව පලවා හරිනවා. එවිට සුර්යග්‍රහණය හෝ චන්ද්‍රග්‍රහණය අවසන් වනවා. නෝස් වර්ගයට අයත් මුහුදු මංකොල්ලකෑම්, දේශගවෙෂණ කටයුතු, වෙළෙන්දන් සියල්ලන්ම ගත් කල පොදුවේ විකින්ග් වරුන් යනුවෙන් හදුන්වනු ලැබුවා. නෝස් වරුන් යනුවෙන් හදුන්වනු ලබන්නේ උතුරු ජෙර්මනියානු භාසා කතා කල වුන්ටය. ඔවුන් බොහෝ දුරට ජීවත් වුයේ ක්‍රි.ව 8-11 දක්වා ස්කන්දිනේවියානු ප්‍රදේශ වලයි. නෝස් වරුන් ගෙන කතා කරනවිට අප සිත් නිරන්තරයෙන් දිව යන්නේ නෝස් මිත්‍යාවන් වෙතටයි. මෙම මිත්‍යා පාදක කොට ගෙන චිත්‍රපට ගණනාවක් බිහිවී තිබෙනවා. එයිනුත් the mask වැනි චිත්‍රපට ලාංකික ප්‍රේක්ෂකයන්ට ලංවුනා. the mask හි කතා තේමාව loki නම් නෝස් දෙවියෙක් වටා ගෙතෙයි. 2011 තිරගතවීමට නියමිත thor චිත්‍රපටිය ගෙතෙන්නෙ loki ගේ අය්යා පිලිබදවයි.

The mask (1994)

 

නෝස් වරු විකින්ග් වරුන් ගැන කතා කරනවිට අප සිතට නිරායාසයෙන් නැගෙන්නේ ජිම් පප්පා සහ සූර පාප්ප පිළිබද චිත්ත රූපයි. නෝස් සම්බවයක් සහිත නොමන්ස් නමින් හැදින් වෙන ජන කොටසක් ප්‍රංශය හා නොමන්ඩි  ප්‍රදේශවල ජීවත් වන්න පටන් ගෙන තිබෙනවා. විකින්ග් ප්‍රහාර ගෝල් දේශයට එල්ලවන්නට පටන්ගෙන ඇත්තේ ක්‍රි.ව 8 වන සියවසේදීය. නමිත් රෝමානුවන් ගෝල් දේශය යටත් කර ගනු ලබන්නේ ක්‍රි. පු. 50 දී පමණය. විකින්ග් වරුන් ගැන තවදුරටත් කතා කරනවා නම් ඇමෙරිකාවේ සිටින මින්නසොට විකින්ග්ස් නමින් හදුන්වන ඇමෙරිකානු පාපන්දු (අපට නම් රගර්) කණ්ඩායම ගැනත් කතා කරන්ඩ වනවා, මන්ද දෙසම්බෙර් 12 වන දින ඔවුන්ගේ ක්‍රීඩාංගනය වන මිනසොටාවේ ඇති මෙට්‍රොදොමේ නමැති ක්‍රීඩාංගනයේ වහලය කඩා වැටීම නිසා.

 

Metro-dome collapse

මෙයට ගෙතු වෙලා ඇත්තේ ඒ දින වල එම ප්‍රදේශයට පතනය වූ අදික හිම ප්‍රමාණය යයි සදහන් වනවා. මිනසොටාව ලංකීක සිසුන්ට වැදගත් වන්නේ මෙහි ඇති විශ්වවිද්‍යාල බොහොමයක් අය කරන්නේ instate tution fee එකක් පමණක් වීමයි. ඇමෙරිකාවේ වෙනත් ප්‍රාන්ත වල ඇති විශ්වවිද්‍යාල සියල්ලම පාහේ විදේශීය සිසුන්ගෙන් වැඩි මුදලකුත් එම ප්‍රාන්තයේ සිසුන්ගෙන් අඩු මුදලකුත් තමයි අය කරන්නේ. එහෙත් මිනසොටාවේ බොහෝ විශ්වවිද්‍යාල වල මේ කාණ්ඩ දෙකෙන්ම අය කරන්නේ එකම ගානයි. සාමාන්යෙන් විදේශික සිසුවෙකු වාර්ෂිකව $20,000 පමණ ගෙවීමට සිදුවන අතර, ප්‍රාන්ත සිසුවෙකුට ගෙවීමට සිදුවනුයේ $8,000 පමණ මුදලකි. මේ නිසාවෙන් මිනාසොටාවේ ශ්‍රී ලාංකීය සිසුන්ද සැහෙන ප්‍රමාණයක් වසනව. මෙම ගෙවීම් සමග අප රටේ නිදහස් අද්‍යාපනය සසදා බලන විට දෙනෙතට නිතෙතින් කඳුළු නැගෙනවා. එහෙත් මෑතකදී ලාංකීය විශ්වවිද්‍යාල වල හටගත් උණුසුම් වාතාවරණය සිහියට එනවිට නැවතත් අපි යමක් කරන්න කලින් හොඳින් සිතා බැලිය නොවේද යයි සිතෙනවා. වර්ජන, තර්ජන සහ උද්ගෝෂණ ගැන කතා කරනවිට දෙසම්බෙර් 16 වන දින රෝමයේ මිලාන් නුවර බෞද්ද හාමුදුරුවරුන් පිරිසක් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට LTTE යේ බ්‍රිතාන්‍ය  ක්‍රියාකාරිත්වය පිලිබදවඋද්ගෝෂණයක් කරන ලද බව Daily news (21-12-2010) පුවත් පතේ සදහන් වනවා.

ශ්‍රී පාදය, තට්ටු ගොඩනැගිලි, ඩුබායි දූපත් සහ ශාරුඛ් ඛාන්

December 20, 2010 § Leave a comment

ශ්‍රී පාදය

ශ්‍රී පාද වන්දනා සමය දෙසම්බෙර් 20 වන දිනෙන්  අරබෙනවා.  ශ්‍රී පාදය, ඇඩම්ස් පීක් හෙවත් සමනල කන්ද සෑම ආගමකටම සුවිශේෂ වන්නේ, බෞද්දයන් එහි බුදුන් ගේ පා සලකුණ ඇති බවත්,ක්‍රිස්තියානින් එහි ආදම්ගේ පා සලකුණ ඇති බවත්, හින්දූන් එහි ශිව දෙවියන්ගේ පා සලකුණ ඇති බවත්, ඉස්ලාම් බැති මතුන් එහි අල්ලාගෙ පා සලකුණ ඇති බවත් විශ්වාස කරන නිසයි. සිරිපා සමයට සමනලුන් සිරිපාදය වෙතට ඇදෙන හෙයින් සමනල කන්ද නම් වනවා. සමනළයින්ගේ මෙම සංක්‍රමණ රටාව ලංකාවේ පමණක් නොවේ ලෝකේ බොහෝ රටවලත් දැකිය හැකි වෙනවා. මෙහෙම සංක්‍රමණය වන්ට හේතුව නිශ්චිත ලෙසම සොයාගෙන නැති නමුත්, කුරුල්ලන් සංක්‍රමණයට හේතුව වන දේශගුණික වෙනස්වීම් නිසා මෙසේ සිදුවන බව තමයි සදහන් වන්නේ. සමනල සංක්‍රමණ රටා හැදෑරීමේදී, බොහෝවිට කතාවන සමනල විශේෂයක් තමයි උතුරු ඇමරිකාවේ සිටින මොනාර්ක් සමනලයා.

මොනාර්ක් සමනලයා


Danaus plexippus යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මොවුන්ට මොනාර්ක් නැතහොත් සිංහලෙන් අධිපති යන නාමය ලැබී ඇත්තේ ඔවුන්ගේ විශාලත්වය නිසාවෙන්ය. මොනාර්ක් යන නමින් ලංකාවේ කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් සංකීරණයේ මහල් 25 කින් සමන්විත නිවාස සංකීර්ණයක්ද තිබෙනවා. එය ගාලු මුවදොරට ඉතා ආසන්නයෙන් පිහිටි නිවාස සන්කීරණයකි. ගාලු මුවදොර පිලිබදව කතා කරනවිට මේ දිනවල උණුසුම් ලෙසම සාකච්චා වනුයේ ගාලු මුවදොර පුළුල් කිරීමේ වියාපෘතිය පිලිබදවයි. එහිදී හෙක්ටයාර 400 ක මුහුද ගොඩකර නව බූමි බාගයක් තැනීමට කටයුතු සකසා ඇති බව අද දින daily news (20-12-2010)  පුවත් පතේද පලවී තිබුනා. මුහුදු ගොඩකිරීම හෙවත් land reclamation වල ආරම්බය ලෙස බොහෝ විට සැලකෙන්නේ Praya Reclamation Scheme නමින් 1855 දී    හොන්ග් කොන්ග්  සදහා කරන ලද යෝජනාවක්ය. වර්තමානයේ බොහෝ විට කතා වනුයේ කෘතීම දූපත් නිර්මාණය කිරීමයි. මෑතකදී මෙවැනි කටයුතු දැවැන්ත ලසේ සිදුවුනේ ඩුබායි හීය.

The world-කෘතීම දූපත්

ඩුබායි හි පාම්  දූපත් තුනක්ද, ද විර්ල්ඩ්, ඩුබායි වොටෙර් ෆ්රෝන්ට්, නමින් හදුන්වන කෘතීම දූපත් පිටලා තිබෙනවා. හින්දි සිනමා නළු ෂාහ් -රුඛ්- ඛාන් ට පාම් දුපතින් ගෙයක් නොමිලේ ඩුබායි රජය විසින් පිරිනැමුණා, එහි සියලුම නඩත්තු කටයුතු පවා දරන්නේ ඩුබායි රජය විසිනි. 1965 උපන් ෂාහ් -රුඛ් මුලින් 80 ව දශකයේ රූපවාහිනිය තුලින් කරලියට පැමිණි අයෙකි. 1992 දීවානා චිත්‍රපටයෙන් ඔහු බොලිවුඩයට පාතබනවා.

ෂාහ් -රුඛ්- ඛාන්


ෂාහ් -රුඛ් සහ ලනකව ගැන සිතන විට කෙලින්ම මතකයට නැගෙන සිදුවීම් දෙකකි. එකක් 2010 ශ්‍රී ලංකාවේ පවතී IIFA උළෙලට  සහබාගි නොවීමයි. අනෙක 2004 temptation නමින් පවතී ඔහු සහබාගි වූ සංගීත සංදර්ශනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමයි. ඇතැමුන්ගේ මත පළවුණේ මෙය වසරකට පෙර අපවථ්වූ (2003) සෝම හිමියන්ගේ වර්ෂ පූර්ණ අනුස්මරණය හා සමගාමීව පවථ්වූ සංගීත සංදර්ශනය පිලිබදව අසතුටට පත්වී සිටි ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද්දක් බවයි. කෙසේ වෙතත් මේ සදහා  කුමන හෝ කණ්ඩායමක් වගකීම බාර ගත්තේ නැත. 2010 දෙසම්බෙර් 12 වන දිනට  සෝම  හිමියන්ගේ සත් වස් ගුණ අනුස්මරණය යෙදී තිබුණි.

පොඩි පර්යේෂණයක්

December 20, 2010 § Leave a comment

වැල්වටාරමින් කරන්න  හදන්නේ, කාලීන තේමාවක් අරගෙන, එය වෙනස් තේමාවන් සමග සම්බන්ද කර කතාවක් ගොතන්නයි. කතාවක් කිව්වට, එය ප්‍රබන්දයක් නොවේ. ටිකක් කියවලාම බලන්න  ඕන තේරුම් ගන්න. මෙය පොඩි පර්යේෂණයක්. බලමු හරි යයිද කියල.